Connect with us

පුවත්

බෝම්බයක් ඇති බවට ව්‍යාජ තොරතුරු දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට(UPDATE)

Published

on

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන  වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බෝම්බ බිය හේතුවෙන් අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ .

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ඊයේ (02) පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණ අතර ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් කළ ද බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව නොතිබුණි .

———————————————

(පෙර පුවත : 2024 ජුලි 02 ප.ව. 1:29)

මහනුවර අධිකරණයේ සියලු නඩු 16 වැනිදාට කල් තබයි

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ ඇතිවූ බෝම්බ බිය නිසා අද (02) දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ජූලි මස 16 වැනි දිනට කල්තබා තිබේ .

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට අද (02) පෙරවරු 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) දුරකථන ඇමතුමක් ලැබී තිබුණ අතර ඒ හේතුවෙන් පොලිසිය වහාම ක්‍රියාත්මක වී යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව අධිකරණ සංකීර්ණය තුළ සිටි සියලු දෙනා ඉවත් කොට සෝදිසි මෙහෙයුමක් දියත් කලද එහි කිසිදු බෝම්බයක් ඇති බවට තොරතුරු හෙළිව නොතිබුණි .

ඉහළ පොලිස් ප්‍රකාශකයකු පවසා සිටියේ එම ව්‍යාජ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි .

මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .

සබැඳි පුවත්

මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved