Connect with us

පුවත්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද යි

Published

on

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අද රාත්‍රී 06.57ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත් වෙන දළදා පෙරහර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් වීදි සංචාරයට එක්වනු ඇත.

දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.

සිව් වන රන්දෝලි පෙරහර ඊයේ (18) වීදි සංචාරය කළ අතර එහිදී සධාතුක පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා හස්තියා විසිනි.

සිංහරාජා සහ මියන්රාජා යන ඇතුන් දෑලේ ගමන් කළහ.

ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහරේ ගමන් කලේය

අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව සධාතුක පෙරහර කරඩුව ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ තැම්පත් කිරීම සිදුකෙරෙන අතර අනතුරුව සිව් මහා දේවාල ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරීමට නියමිතය.

පසුව එදින දිවා පෙරහර ඩී.එස්.සේනානායක වීදිය, රජ විදිය ඔස්සේ ගමන් කොට දළදා වීදියට ප්‍රවේශ වන අතර අනතුරුව මහනුවර ජනපති මැදුරේදී දියවඩන නිලමේවරයා විසින් පෙරහර සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනු ඇත.

පුවත්

ඔරුගොඩවත්තේ මාරක අනතුරක්

Published

on

By

අද (26) අලුයම 2.30ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසලදී අවිස්සාවේල්ල දෙසින් පැමින ඉඟුරුකඩේ දෙසට හැරවූ ප්‍රයිම් මුවර් රථයක් බහාලුමත් සමග පෙරලීයෑමෙන් මෙම  අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved