Connect with us

පුවත්

මහනුවර මහයියාවේ ප්‍රසිද්ධ බිංගෙය අනතුරේ! (ඡායා)

Published

on

මහනුවර සිට කටුගස්තොට දක්වා දිවෙන A9 මාර්ගය අසල පිහිටි සුප්‍රසිද්ධ මහයියාව බිංගෙය ආසන්නයේම පිහිටි ඉඩමක් කොටස්කර විකිණීමට සකස් කිරීමෙන් අදාළ බිංගෙයට හානි ඇතිවීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ් මහයියාව බිංගෙය අසල සිට මහනුවර පුද්ගලික නර්සිංහෝම් (කැන්ඩි ප්‍රයිවට් හොස්පිට්ල් – KPH) ගොඩනැගිල්ල දක්වා පිහිටි දැඩි බෑවුම් සහිත ප්‍රදේශය නායයාමේ අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගත් ප්‍රදේශයක් වීම නිසාය.

එම ප්‍රදේශය තුල ගොඩනැගිලි වැනි ඉඳිකිරීම් සඳහා හෝ වෙනත් එවැනි සංවර්ධන කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), නාගරික සංවර්ධණ අධිකාරිය (UDA) වැනි අදාල ආයාතන මගින් අවසර නොදෙන අතර එවැනි කිසිම කටයුත්තක් සඳහා දිරිමත් කිරීමක් නොකරන බවට එම ආයාතන මගින් මෙතෙක් නිකුත් කර ඇති වාර්තාවලින් ද පැහැදිළි වේ.

ඉතා සුළු වර්ෂාවකට පවා මෙම බෑවුම් ප්‍රදේශයේ, විශේෂයෙන් මෙම ඉඩමේ පස් කැඩී පහලට වැටෙමින් පවතින බවද පැවසේ.

ප්‍රශ්ණගත ඉඩමට යාව ඊට පහලින් පිහිටා ඇත්ත‌ේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන විකිණීමේ ආයාතනයට අයත් ස්ථානයක් වන අතර ඔුවුන්ද මේ සම්බන්ධයෙන් පැමිණිළි කර ඇතැයි වාර්තා වේ.

මේ ඉඩම් කට්ටි කිරීමේ කටයුත්ත ප්‍රසිද්ධ නීතීඥයකු මැදිහත්ව සිදුකරනු ලබන අතර අදාළ ඉඩම සිංගප්පූරුවේ පදිංචි අයකුට අයත්වූවක් බවද පැවස‌ේ.

මේ සම්බන්ධ තවත් විස්තර පසුවට.

Thank you for your support .Lets do what we can to protect our environment .

පුවත්

දෙවිනුවර ද්විත්ව ඝාතනයේ තවත් සැකකරුවෙක් කොටු

Published

on

By

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

2025.03.21 වන දින මෙම අපරාධය සිදුකර තිබුණි.

ඒ අනුව මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ සැකකරු ඊයේ (24) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 33ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඩෑන් මරන්න වෙඩික්කරුවන් දුන්නේ කන්ජි

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් ලබා දුන්නේ විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් බව එම ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ඝාතනයේ ප්‍රධානම සැකකරුවන් ලෙස හඳුනාගෙන දැනට ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින මීතොටමුල්ලේ බන්දු නමැත්තාගේ සහෝදරයාගේ පුතකු වන දුලාන් මධුසංක නොහොත් ‘දුලා’ නමැති 28 හැවිරිදි අයකි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 05ක් ද සොයාගෙන තිබිණි.

පසුගිය 20 වැනිදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී තමාට සහ තම මිතුරකුට ඩෑන් ප්‍රියසාද් පහර දී තම ත්‍රිරෝද රථයටද තියුණු ආයුධයකින් ප්‍රහාර එල්ල කර අනර්ථයක් සිදුකළ බවත් ඊට පළිගැනීමක් ලෙස ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තවදුරටත් පවසා ඇත. 

කොළොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවණ මහල් නිවාස සංකිර්ණයේ බී ගොඩනැගිල්ලේ හයවැනි මහලේ නිවසකට පසුගිය (22) රාත්‍රියේ ඇතුළු වූ තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මිය ගොස් තිබිණි.

මෙම ඝාතනයට අදාළව වැල්ලම්පිටිය පොලිසිය, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය හා විශේෂ කාර්ය බළකාය පැතිකඩ කිහිපයක් ඔස්සේම පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී මෙම ඝාතනයට ඍජුවම සම්බන්ධ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අදාළ සැකකරුවන් වන මීතොටමුල්ලේ බන්දු සහ ඔහුගේ පුත්‍රයා වන මාධව සුදර්ශන නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පසුගිය 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් තමන් හා ගැටුම ඇති කරගැනීමෙන් පසුව අපරාධකරුවකු වන ඩුබායිහී සැඟව සිටින කොළොන්නාවේ ධනුෂ්ක මාර්ගයෙන් කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරගත් බවත් ඉම්රාන්ගේ උපදෙස් මත මෙම ඝාතනය සැලසුම් කළ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

කොළොන්නාවේ ධනුෂ්ක විසින් කංජිපානි ඉම්රාන් දුරකතන යෙදවුමක් මාර්ගයෙන් සම්බන්ධ කරගත් බවත් 20 වැනිදා වූ පහරදීම ගැන ඔහුගේ උපදෙස් මත (21) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කළ බවත් එම සැකකරු පවා තිබේ.

ඒ අනුව 22 වැනිදා ඩෑන් ප්‍රියසාද් පොලිසියට ගෙන්වා ගෙන ආපසු පිටව යන අවස්ථාවේදී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර ඇතත් 22 වැනිදා ඩෑන් පොලිසියට නොපැමිණීම හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය සාලමුල්ලේ නිවාස සංකිර්ණයේ සිටින බවට කංජිපානි ඉම්රාන්ට තොරතුරු ලැබී තිබුණු බවත් එම අවස්ථාවේදී ඉම්රාන් දුරකතන ඇමතුමක් මගින් තමා හා සම්බන්ධ වූ බවත් සැකකරු පවසා තිබේ.

කංජිපානි ඉම්රාන් දිවයිනට ගෙන්වන ලෙස හා ඔහුට එරෙහිව අදහස් පළකිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද් සමග වෛරයෙන් පසුවීම හේතුවෙන් මෙම ඝාතනය සඳහා ඔහු විසින් වෙඩික්කරුවන් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ. මාධව සුදර්ශන යනු ඩෑන් ප්‍රියසාද්ගේ බිරියගේ සොයුරිය හා විවාහ වී සිටින පුද්ගලයා බවත් ඔහු හා ඩෑන් අතර කාලාන්තරයක් තිස්සේ වෛරයක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව ඔහුගේ බිරිඳගේ සහෝදරියකගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. එහිදී ඇය පවසා ඇත්තේ තමන්ගේ යතුරුපැදිය ඩෑන් ප්‍රියසාද් මැදිහත්වී පසුගිය 22 වැනිදා විකුණාදීම හේතුවෙන් ඉන් ලද මුදලින් සිය නිවසේ මත්පැන් සාදයක් සංවිධානය කළ බවයි.මෙම ඝාතනයට පැය තුනකට පමණ පෙර ඩෑන් පැමිණ තමන් සිය පවුල සමග රාත්‍රියේ පැමිණෙන බව කියා පිටව ගිය බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

ඝාතනයට ලක්වූ ඩෑන් ප්‍රියසාද්ගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

Continue Reading

පුවත්

අද ලොකු වැස්සක්

Published

on

By

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved