පුවත්

මහල් නිවාස ඇති UDA ඉඩම, කොළඹ සරසවියට පවරයි

Published

on

නාරාහේන්පිට, කාලිංග මාවතේ පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය සහිත හෙක්ටයාර 0.2761 ක් පමණ වූ ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. 

ඒ අනුව, එම මහල් නිවාස සංකීර්ණය ඇතුළත් ඉඩම් කොටස කොළඹ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදහස් දිමනාවක් වශයෙන් පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Trending

Exit mobile version