පුවත්

මහවැලියේ ලොක්කෙක් අල්ලස් අරන් මාට්ටු

Published

on

මහවැලි අධිකාරියේ නොච්චියාගම ඒකකයේ වැඩබලන කළමනාකාරවරයා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඊයේ (20) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුවය.

පැමිණිලිකරුගේ මියගිය පියාට අයත් ඉඩමක බලපත්‍රයක් ඔහුගේ නමට සකස්කර දීම සඳහා සැකකාර කළමනාකාරවරයා රු. 75,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු නොච්චියාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version