මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 66ක දුර ප්‍රදේශයක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය සඳහා අවශ්‍ය සංඥා පද්ධතිය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට අද (21) මෙරටදී අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍ය – ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා ඉදිරියේ දී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මෙරට ප්‍රවාහන අමාත්‍යංශය හා IRCON Ltd සමාගමයි.
මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය – සිරිපාල ගමලත් මහතා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර – සෙන්තිල් තොණ්ඩමන් මහතා මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ හා IRCON සමාගමේ නිලධාරීන්ද එක්විය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 14.90ක වියදමෙන් සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය, ඇමෙරිකානු ඩොලර් මිලියන 318 ක ඉන්දීය ණය පහසුකමක් යටතේ සිදුකෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා වැඩකටයුතු ජනවාරි 2024 සිට ඇරඹීමට නියමිතය.