ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (21) අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු 80 වියේ පසුවූ අතර, අවසන් කටයුතු පිළිබඳ තොරතුරු පසුව දැනුම්දීමට නියමිතය.
මාතර රෝහණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මහාචාර්ය පල්ලියගුරු මහතා, කැළණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා එම විශ්වවිද්‍යාලයේම සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසද සේවය කළේය.
නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ඇතුළු කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති එම මහතා රචනා කළ කෘතින් අතරින් ‘සමාජ මුහුණුවර’ කෘතිය 1984 වර්ෂයේදී හා ‘යථාර්ථය සහ නිර්මාණ’ කෘතිය 1994 වර්ෂයේදී රාජ්‍ය සම්මාන හිමිවී ඇත.
ඔහු විසින් 1995 වර්ෂයේ පරිවර්තනය කරන ලද ‘සිනමා සිද්ධාන්ත හා විචාර’ නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් ලෙස සැලකේ.