Connect with us

පුවත්

මහාචාර්ය නිරංජන් අස්වුණේ ටෙන්ඩර් බලපෑමක් නිසා?

Published

on

තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නිරංජන් ගුණවර්ධන එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු එසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ, ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය කිරීම සඳහා අසාදුගත කුප්‍රකට ඉන්දීය සමාගමක් වන මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම වෙත එය ලබාදෙන ලෙස ඉහලින් සිදුකරන බලපෑම් නිසාවෙන් බවට ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

කෙසේවුවද, ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, ඔහු රජයේ වගකිවයුතු ප්‍රධන තනතුරු කිහිපයක් ම දරන බැවින් ඉන් එක් තනතුරක් තෝරාගන්නා ලෙස ජනාධිපති ලේකම් විසින් ඔහුට දැනුම්දී තිබු බවයි.

මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මේවනවිට තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ධුරයට අමතරව, එම අමාත්‍යංශයේ ලේකම් ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලෙසද නිල බලයෙන් කටයුතු කරයි.

එසේම ඔහුව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස ද පත්කර ඇත.

ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය නිරංන්ජන් ගුණවර්ධන පවසන්නේ, තමාව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස පත්කර ඇති බැවින් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත්වීමට තීරණය කරන බවයි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved