පුවත්

මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි 

Published

on

වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට ප්‍රථම මහාචාර්යවරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්ය ප්‍රියානී සොයිසා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇගේ වයස අවුරුදු 97 කි.

ළමා වාට්ටුවල දරුවන් කැටුව මව්වරුන්ට සිටීමට අවස්ථාව සළසාදීම, ප්‍රසූත නිවාඩු කාලය මාස 3 ක් දක්වා මව්වරුන්ට ලබාදීම සඳහා කටයුතු කිරීම, මව්කිරි දීම ප්‍රවර්ධනය, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ව්‍යාපෘතියට මෙන්ම ළමුන්ගේ පෝෂණය පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කිරීම, ඇය මෙරට ළමා පරපුර වෙනුවෙන් කළ සුවිශේෂී මෙහෙවර අතර කැපී පෙනේ.

අභාවප්‍රාප්ත ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය, හෙට (09) සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු හෙට (10) පස්වරු 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

Trending

Exit mobile version