පුවත්

මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ඇතුළු 4ක්

Published

on

දිසා විනිසුරුවරුන් දෙදෙනෙකු, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරන ගමගේ සහ  පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන්ව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බවත්, ඔවුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Trending

Exit mobile version