පුවත්

මහින්දගේ ගෙදරට හොරු පැනලා; ගෑස් සිලින්ඩර් 2ක් උස්සලා

Published

on

හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ නිවසට කඩා වැදී රු. 300,000 ක් වටිනා දේපල සොරමුලක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

සොරකම් කරන ලද අයිතමවලට ගෑස් සිලින්ඩර දෙකක්, රූපවාහිනී යන්ත්‍රයක්, රන් දම්වැල් දෙකක් සහ අත් ඔරලෝසු හතරක් ඇතුළත් වේ.

දේශප්‍රිය මහතා සහ ඔහුගේ බිරිය සති අන්තයේ නිවස බැලීමට පැමිණි පෙරේදා දිනයේ සවස මේ සොරකම තහවුරුකර ගැනීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්ය පොලිස්පතිගේ නියෝගය යටතේ අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version