Connect with us

පුවත්

මහින්දගේ දේහය සංරක්ෂණය කරන්න

Published

on

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහුව සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ මාධ්‍ය සාකච්ඡාවකට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා තිස් අවුරුදු යුද්ධයකින් රට බේරා ගත් බවත් දැන් ඔහුට ආරක්ෂාව ලබාදීම රජයේ යුතුකමක් බව‍ය.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා රටට වටින නායකයෙක් බවත් ඔහු මියැදුනත් එතුමාගේ මරණය මතු උපදින අනාගතයේ සෑම අයෙකුටම බැලීමට හැකි දේහයක් ලෙස රටේ තිබිය යුතු බව ඔහු එහිදී සඳහන් කලේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් රාජපක්ෂ මහතා,

“එතුමාගෙ ආරක්ෂාව ගැන අපි හැමෝම අවධානෙන් ඉන්න ඕනේ, ඒකට හේතුව ලෝකයේ තිබිච්ච දරුණතම ගරිල්ලා සටන තමයි එල්.ටී.ටී.ඊ තස්ත්‍රවාදය කියන්නේ. එතකොට මේ වගේ සංවිධානයකට මුහුණ දෙන්න සාමාන්‍යෙන් පුළුවන්කමක් කෙනෙක්ගෙ හිතට එන්නෙත් ඉතාමත් අමාරුවෙන්. තමන්ගේ දරු පවුල ගැන, ඒ අයගේ ළඟ ඉන්න නෑයොන්ගේ ආරක්ෂාව ගැන හිතුවෙ නැහැ. තමන් රටේ රාජ්‍ය නායකයා හැටියට ඒ වෙලාවේ මේ රටේ පුරවැසියන්ට රට බේරලා දෙන්න අවශ්‍ය නායකත්වය දුන්නා.

මේ වගේ යුද්ධ වලින් දිනාගත්ත ලෝකයේ නායකයන් අපි දන්නවා. අදටත් ලෙනින් සහ හෝර්චුමින්ගේ ගත්තොත් අදත් මරණ දෙක රටේ පුරවැසියන්ට බලන්න තියලා තියෙනවා. අනාගතේ උපදින්න ඉන්න පුරවැසියන්ටත් ඒ මරණයට ගරු කරන්න ඒ අවස්ථාව හදලා තියෙනවා. එතකොට එ රටවල්වල නායකයෝ එදා තීන්දු කළා මේ ලෙනින් හෝර්චුමින් වැනි නායකයෝ අනාගතේටත් රටට වටිනවා, 

ඒ නිසා වියදම කොච්චර උනත් ඒ අයගේ දේහයට අවසන් ගෞරවය දක්වන්න මතු උපදින හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ කියලා..ඉතින් හරියට නම් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව කියන එක රජයේ යුතුකමක්.. ඒ වගේම එතුමා කවදකහරි අපේ රටෙන් මියැදුනත් එතුමාගේ මරණය මතු උපදින අනාගතයේ හැමෝටම බලන්න පුළුවන් දේහයක් විදිහට මේ රටේ තියෙන්න ඕනේ. ඒ තරම් වටින නායකයෙක්. ඒක කාටවත් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. 

ඒක නිසා අද අපට පේන්නේ මේ සියල්ලම ඉතාමත් සුළු සිද්ධීන් හැටියට දාලා ආරක්ෂාව අයින් කරලා දාලා, නිකන් සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කරලා එතුමා රට වෙනුවෙන් කරපු කාර්‍යයවත් කිසි වගකීමක්, වගකීමක් නැති තැනට ඇදලා දාන්න තමයි මේ කටයුතු කරලා තියෙන්නේ”

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved