Connect with us

පුවත්

මහින්දගේ නිල නිවසේ තක්සේරු කුළිය ලක්ෂ 46 යි

Published

on

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස තමන් මෑතකදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවා තක්සේරු කරවූ බවත් එම තක්සේරුව අනුව එහි මාසික කුළිය රුපියල් ලක්ෂ 46ක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා අවුරුද්දකට වියදම් කරලා තියෙනවා මිලියන 700ක්. පොලීසිය, හමුදාව, නාවික හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා. 60 යි. තව කෙඳිරි ගෑවොත් 60ත් අයින් කරනවා. 60 තියාගෙන ඉන්න මහත්තයෝ, මදි මදි කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. 

මම මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යවලා තක්සේරු කළා. කීයක් වටිනවාද ? තවම ඉඩම තක්සේරු කරගන්න බැරිවුණා ගේ විතරක් තක්සේරු කළා. ගේ තක්සේරුව අනුව මාසික කුළිය ලක්ෂ 46 යි. පනතේ තියෙනවා එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමියි, නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් දෙනවා. 30,000 ක්. එහෙම නැත්නම් ඉතුරු සල්ලි ටික දීලා ඒ ගේ ඉන්න පුළුවන්. මාසෙ කුලියට. 

චන්ද්‍රිකා ඉන්න ගේත් තක්සේරු කරන්න ගියා, එතුමිය කියලා තිබුණා සති දෙකක් ලන්ඩන්, සති දෙකෙන් පස්සෙ එන්න කියලා. දැන් ඇවිල්ලා ඉන්නෙ, දැන් යවනවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) කළුතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

පුවත්

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනපති අතට

Published

on

By

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි.

Continue Reading

පුවත්

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට (UPDATE)

Published

on

By

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ඔහුගේ බිරිඳ හා දියණිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකටය.

 


(පෙර පුවත 2025 ජූනි 18 පෙ.ව.10.06 )

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

පක්ෂ තීරණයට පිටුපෑ දෙදෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

කොළොන්නාව නගර සභාවට සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති හා උපසභාපති පත්කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් එලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවය.

අද (18) උදෑසන පළමු වරට රැස්වූ කොළොන්නාව නගර සභාවේ දී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි මොහු පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර, උප සභාපති ධුරය සඳහා සමන් සෙනෙවිරත්න මහතා පත්වුණි.

මේ අතර කන්දකැටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ නවරත්න මුදියන්සේලාගේ විජේපාල මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

පක්ෂ මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුකූලව කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කිරීමේ දී කටයුතු නොකිරීම හේතුවෙන් පක්ෂය විසින් මෙම තීරණය ගෙන තිබේ.

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved