Connect with us

පුවත්

මහින්දගේ පොර්ට් සිටි ගමන ගැන මෝනිං හා නෙත් දුන් ඔත්තුව

Published

on

Update – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරාය නගරයේ නිතර ගැවැසෙන්නෙකු බවට පත්ව ඇතැයි යන්න මුලින්ම වාර්තා කර ඇත්තේ නෙත් කණින් කොනිනි බව වාර්තා වේ.

අදාළ පුවත අනුව මූලාශ්‍රය උපුටා දැක්වීමක් නොකොට “ද සන්ඩේ මොර්නිං” පුවත්පත එය අද (08) වාර්තාකර තිබිණි.

කෙසේවුවද, මේ පුවතට මුල්ව ඇත්තේ රාජපක්ෂ මහතා පෙරවරු ව්‍යායාම සඳහා කොළඹ වරාය නගරයට පැමිණීමය.

හිටපු ජනපතිවරයා ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට අමතරව බොහෝ විට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද කැටුව එන බවත්, ඔවුන් අතර හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිගේ පුත්‍රයා වන නෞසර් ෆවුසි මහතා ද ඇතැයි “ද සන්ඩේ මොර්නිං” පුවතේ වැඩිදුරටත් දැක්වේ.

මහින්ද මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පාපන්දු ඇතුළු ක්‍රීඩා කටයුතුවල නිරත වීමට කොළඹ වරාය නගරයට නිතර පැමිණෙන අයෙක් බවත් පැවසේ.

නාමල් පසුගිය වසරේ ටබටා (Tabata) නම් ක්‍රීඩාවක නිරත වීමට පටන් ගත් අතර පාර්ලිමේන්තුවේ සිටින ඔහුගේ මිතුරන් සහ ඔවුන්ගේ අඹුසැමියන් ද ඔහු සමඟ ව්‍යායාම සඳහා එක්වී සිටින බව වාර්තා වේ.

මෙම ව්‍යායාම සඳහා නාමල් සමඟ එක්ව සිටින මන්ත්‍රීවරුන් අතර ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ සහ සනත් නිශාන්ත ද ඇතැයි එහි දැක්වේ.

කෙසේවුවද, හිටපු ජනාධිපතිවරයාගේ පොර්ට් සිටිගමන හෙළි කිරීම ඔහු අනාරක්ෂිත කිරීමට දැරූ තැතක්ද යන්න පිළිබඳව සැකයක් ඇතැයි දේශපාලන විචාරකයෝ කියා සිටිති.

මේ අතර, පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අදාළ ධූරවලින් ඉවත් කිරීමට ජාත්‍යන්තර බලවේගයක් ක්‍රියාත්මක වූ බවට මේවන විට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලව තිබේ.

මෙය එහිම දිගුවක්ද යන්න සැකය ද දේශපාලන විචාරකයන් මතුකර සිටී.

අදාළ පුවත පහත දැක්වේ.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved