පුවත්

මහින්දානන්දට එරෙහිව තීන්දුවදීම තවත් කල් යයි

Published

on

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 30 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කලේය.

මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත් මහාධිකරණ විනිසුරු නවරත්න මහරසිංහ මහතා සඳහන් කළේ, එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 30 වන දා සිදුකරන බවය.

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනාව යි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකරන ලදී.

Trending

Exit mobile version