පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විරුද්ධව ගොනු කර ඇති නඩුවක තීන්දුව ලබන අප්‍රේල් 25දා ප්‍රකාශ කිරීමට නියමිතයි.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (14) මේ බව සඳහන් කර ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයකු ලෙස සිටියදී අයථා ලෙස උපයා ගත් බවට සැලකෙන රු. ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සනිල් කුලරත්න සහ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ නඩුව සඳහා වාචික කරුණු දැක්වීම් සිදු කර තිබුණි.