Connect with us

පුවත්

මහින්දානන්ද හා නලින් වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට (UPDATE)

Published

on

බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති මෙන්ම හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටු වෙත යොමු කර තිබේ.

ඊයේ(29) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් පැනවූ අතර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 සිර දඬුවම් නියම කෙරුණි. 


(පෙර පුවත 2025 30 මැයි පෙ.ව.8.54 )

මහින්දානන්දට හා නලින්ට “කේ” වාට්ටුවේදී ජම්පර් ගස්සයි!

සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ස.තො.ස. ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා වැලිකඩ බන්ධනාගාරයේ “කේ” වාට්ටුවේ රැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරය වෙත ඊයේ (29) පස්වරුවේ රැගෙන ආ ඔවුන් දෙදෙනා පළමුව සිරකරුවන් ලෙස ලියාපදිංචි කර තිබිණි.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාට ජම්පරය ද ලබාදී ‘කේ’ වාට්ටුවේ රැඳවූ බව වාර්තා වේ.

දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වී සිටින තවත් සිරකරුවන් 100 දෙනෙකු සමඟ එම වාට්ටුවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා රඳවා ඇතැයි පැවසේ. 

සිර දඬුවම් නියම වූ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා ද රඳවා සිටින්නේ එම වාට්ටුවේම බවද වාර්තා වේ.

මේ අතර හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අද දිනයේ බන්ධනාගාර වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ.

බන්ධනාගාරගත වන ඕනෑම රැඳවියෙකු පළමුව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

ඒ, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහායි.

හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25 ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් මේවන විට නියමවී ඇත.

ඊට අමතරව නලින් ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියමකර ඇත.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව දුන් තීන්දුවකට අනුවයි.

2015 වසරේ ජනාධිපතිවරණය පැවැති සමයේ ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි ඔවුහු චෝදනා ලැබ සිටියහ.

පුරා වසර හයක් තිස්සේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ තීන්දුව ලබාදී තිබිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ ”දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට අධි චෝදනා 06 ක් යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබිණි.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved