Connect with us

පුවත්

මහින්දානන්ද ගෙදරින් කෑම ඉල්ලයි

Published

on

තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

හිටපු අමාත්‍යවරයා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමග රඳවා සිටින බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ මෙම වාට්ටුවේම බව සඳහන්ය.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහුට ද වෙනත් රැඳවියන්ට ලබා දෙන සියලු පහසුකම් ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

සබැඳි පුවත්

පුවත්

ආණ්ඩුව ගෙනා ලුණු පෞද්ගලික සමාගමකට ඇද්ද ලුණු සංස්ථාවේ ලොක්කා ගැන මුජිබර් කියයි

Published

on

By

ආණ්ඩුව මෙරටට ආනයනය කරන ලද සියලුම ලුණු තොග, ලුණු විකුණන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.

ඔහුට ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂ ධුරයක් ද ආණ්ඩුව විසින් ලබාදී ඇතැයි කී මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.

‘‘පසුගිය මාස හයක් තිස්සේ රටට ලුණු ගෙනාවේ එස්.ටී.සී. එක, එස්.ටී.සී. එකෙන් ගෙනාපු ලුණු එහෙනම් කොහෙටද ගියේ? පුද්ගලික අංශවලට ලුණු ගෙනෙන්න අවසර දුන්නෙත් නෑ. එහෙනම් ආණ්ඩුව ගෙනාපු ලුණු වෙළෙඳපොළට ආවේ නෑ, ඒකයි මේ ප්‍රශ්නය. ආණ්ඩුව ගෙනාපු ලුණු කැට අපේ රටේ ලුණු විකුණන ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමකට ලබා දුන්නා. ආණ්ඩුව ගෙනෙන ලුණු කිලෝවක මිල රුපියල් 24යි. ඊට අමතර වියදම් සියල්ල එක්කළ විට රුපියල් 100කට ලුණු කිලෝ එකක් දෙන්න පුළුවන්. නමුත්, වෙළෙඳපොළේ ලුණු කිලෝවක් රුපියල් 350යි 400යි. ආණ්ඩුවෙන් ගෙනෙන ලුණු පුද්ගලික සමාගම් අරගෙන කුඩු කරලා වෙළෙඳපොළට දාන්නේ ඔය ගණන්වලටයි. මේ ලුණු ගන්නේ එක්කෙනක්. පුත්තලම ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඒ ආචාර්යවරයා පුද්ගලික සමාගමක සභාපතිවරයෙක්. ඔහු තමයි ඔක්කොම ලුණු ටික අරගෙන තිබෙන්නේ. එයා ලුණු අරගෙන ගිහින් කුඩු කරලා අපිට විකුණනවා. කිලෝව 350යි. කලින් රුපියල් 130ට විකුණුවේ. මෙන්න හාල්වලට අමතරව ලුණු මාෆියාවක් නිර්මාණය වෙලා. මේ ආණ්ඩුව පෙනී සිටින්නෙත් සමාගම් වෙනුවෙන්.

Continue Reading

පුවත්

මරණ දඬුවම ලැබ සිටි “නෙඩුවරන්” නිදහස් කරයි

Published

on

By

මරණීය දණ්ඩනය නියම වී සිටි සිවනාදන් ප්‍රේමනාත් නොහොත් නෙඩුවරන් නමැත්තා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

වසර 2009 දී වවුනියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබිණි.

එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඔහු නිදහස් කරන ලෙසට වන තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2009 වසරේ අප්‍රේල් මස 20 වනදා වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නමැති වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණී.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම ලබාදෙන ලදී.

පසුව එම මරණීය දණ්ඩනයට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එම අභියාචනය විභාග කළ  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ විත්තිකරුට එරෙහිව මහාධිකරණයේදී පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.      

ඒ අනුව එම විත්තිකරු නිදහස් කරන බවත් අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.  

Continue Reading

පුවත්

රාජගිරියේ ඉඩම් වංචාවක සැකකරුවන් අත්අඩංගුවට නොගත් CID නිලධාරීන් පිරිසකට නියෝගයක්

Published

on

By

රාජගිරියේ පිහිටි රුපියල් කෝටි 370 ක් පමණ වටිනා ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර වංචාවක් කළ සංවිධානාත්මක කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියාට නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 6 දෙනකු සැකකරුවන් ලෙස නම් කරමින් මෙතෙක් අත්අඩංගුවට ගෙන තිබුණද, එම වංචාවට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට වසර 6 ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූයේ ඇයිදැයි පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක දීර්ඝ වශයෙන් කරන ලද කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

රාජගිරිය, නානායක්කාර මාවතේ පිහිටි අක්කර 4 ක පමණ විශාල ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර දේපොළ වංචා කළ බව කියන සිද්ධියකට අදාළ පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම සිද්ධියට අදාළව නිසි විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක එලෙස කරුණු ඉදිරිපත් කළේය.

බත්තරමුල්ල, ජයන්තිපුර බෝධිරාජ මාවතේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුදත් දේවපුර නමැති අය විසින් අදාළ පැමිණිල්ල 2019 අගෝස්තු මස 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 හි ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂක නාලිනී දිසානායක වෙත ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුවේ දැනට අනාවරණය වී ඇති සැකකරුවන් ලෙස කැලණිය, පොල්හේන පදිංචි ඇලෝසියස් ලෝරන්ස් කැප්පෙටිපොල (අදාළ සැකකරු කොරෝනා වයිරසය හේතුවෙන් 2021 අගෝස්තු 20 වැනිදා මියගොස් තිබිණි.) මල්වාන පදිංචි බුත්ගමුව මුදියන්සේලාගේ ඉන්ද්‍රසේන, කුණ්ඩසාලේ වරාපිටිය පදිංචි බින්දු කපිලරත්න, බණ්ඩාර වීරතුංග, කටාන කඳවල පදිංචි ගේබ්‍රියල් ප්‍රනාන්දු හෙවත් ගාමිණී ප්‍රනාන්දු, අමරසිංහ ආරච්චිගේ සමිත, ජයසිංහ ආරච්චිගේ ගුණවර්ධන යන අය නම් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිලිද මේ වනවිට විභාග වන බව දන්වා සිටියේය.

මෙම වංචාවට අදාළ සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ කාලයක් ප්‍රමාද කිරීමෙන් පැමිණිලි පාර්ශ්වයට අගතිදායක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක දන්වා සිටියේය.

මෙම නඩුව ලබන ජුනි 3 වැනිදා කැඳවන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved