බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද ඔහු සඳහන් කළේය.
හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දෙදෙනාට බන්ධනාගාරයේ වැඩ පැවරීම බොහෝ දුරට අද (02) කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
මූලාශ්‍රය – ලංකාදීප