හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබේ.
එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දී ඇති බව සඳහන් වේ.
එම වාහන අතර ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් වේ.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබූ වාහන 16න් 8ක් පසුගිය 19 වැනිදා භාරදී තිබෙන බවට සඳහන් විය.
එහෙත් පසුගිය 19 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔහුගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණේ නිල රථ 06ක් පමණක් බවය.
ඒ අනුව, එම නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව අද (21) දින නැවත භාරදීමට කටයුතු කරන බව සඳහන් කලේය.
සබැඳි පුවත්
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු වැරදි බව මහින්ද කියයි!