පුවත්

මහ කන්නයෙත් ගොවියන් බාගෙකට වහකන්න වෙන හැඩයි

Published

on

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා වු මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට අවසන් වී ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා තවත් මිලියන 2000ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති අතර, මුදල් ලැබුණු විගස ගොවීන්ගේ ගිණුම් වෙත මුදල් බැරකිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දැනට ගොවීන් 583,372කගේ ගිණුම් වෙත රුපියල් මිලියන 5000ක මුදලක් නිකුත් කර ඇත.

එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් බව පැවසේ.

එමෙන්ම මහ කන්නය වගා කළ ලක්ෂ 10කට අධික ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් බිලියන 11ක් පමණ වැය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටී.

මේ වනවිට මහ කන්නය ආරම්භ කර මාස එකහාමාරකට වැඩි කාලයක් ගතවී ඇතත් පොහොර මිලදී ගැනීම සඳහා තමන්ට රජයෙන් මුදල් මෙතෙක් හිමි නොවූ බව ඇතැම් ප්‍රදේශවල ගොවීන් පවසයි.

Trending

Exit mobile version