මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රු. බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වනවිටත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, ඒ අනුව මහ කන්නයේ වී ඇස්වැන්න මිල දී ගැනීම සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 13කි.