පුවත්

මහ ඡන්දයේ දිනයට එරෙහි පෙත්සම සලකා බැලීම අද

Published

on

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

සිවිල් සංවිධානයක් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන ලදී.

එම පෙත්සමේ සඳහන් කර ඇත්තේ, මහ මැතිවරණයේ දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට්‌ නිවේදනය නීතියට පටහැනි බවටය.

ඊට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමට නියමිතය.

ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදු කර ඇති සියලුම කටයුතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවේය.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසමෙන් කළ කරුණු දැක්වීමකට අනුවය.

Trending

Exit mobile version