Connect with us

පුවත්

මහ බැංකුවේ ආරක්ෂිත කාමරයක තිබූ ලක්ෂ 50ක් හොරු අරගෙන!

Published

on

කොළඹ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම ගැන කොටුව පොලිසිය වෙත ඊයේ (11) සවස පැමිණිල්ලක් ලැබී ඇත.

එහි ප්‍රධාන ගොඩනැගිල්ලේ භූගත තුන්වැනි මහලේ මුදල් ගබඩා කර තිබූ අධි ආරක්ෂිත ක්‍රමවේද හා කැමරා ඇති කාමරයක් තුළ වූ මුදල් බන්ඩල අතරින් එක් බන්ඩලයක අඩුවක් ඇතැයි එම අංශ භාර ප්‍රධානියා පැමිණිලි කර තිබේ. 

අලුත් අවුරුද්ද වෙනුවෙන් මහ බැංකුවෙන් අනෙකුත් බැංකු වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් බිලියන විසිගණනක මුදල් බන්ඩලවලින් එකක් මෙසේ අඩුවී ඇතැයි පෙනී යන බව මහ බැංකු නිලධාරීන් පවසා ඇත.

පන්දාහේ නෝට්ටුවලින් යුත් රුපියල් ලක්ෂ පනහේ බන්ඩල් පිටින් රාක්කවල ගොඩගසා තිබී ඇත. 

මේවා කලින් භාවිත කළ මුදල් නෝට්ටුය. 

අතුරුදන් වූ බව කියන නෝට්ටු බන්ඩලය සෙවීම සඳහා යළිත් ගණනය කිරීමක් කර බලන බව පැමිණිලිකරු පවසා තිබේ.

පැමිණිල්ලට අනුව මුදල් බන්ඩලය අස්ථානගත වී ඇත්දැයි සෙවීමට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (SOCO), ඇඟිලි සලකුණු නිලධාරීන් යොදවා විමර්ශනයක් කිරීමට කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා යටතේ විමර්ශනයක් අරඹා ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved