පුවත්

මහ බැංකුවේ නැතිවුණ ලක්ෂ 50 සෙවීම CIDයට බාරදෙයි!

Published

on

මහ බැංකු සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේ, මීට පෙර කොටුව පොලිස්ථානය මගින් ඒ පිළිබඳ විමර්ශන සිදු කළ බවයි.

කොටුව පොලිස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන්, මහ බැංකු නිලධාරින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.

අදාළ විමර්ශනය ආරම්භ වුණේ සුරක්ෂිතාගාරවල තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගතව ඇති බවට මහ බැංකු නිලධාරින් පොලීසියට කළ පැමිණිල්ලකට අදාළවයි.

Trending

Exit mobile version