Connect with us

පුවත්

මහ බැංකුව එළියට දැමූ බිලියන 828.7ක කාසි හා නෝට්ටු බැංකුවලත් නෑ

Published

on

2023 පළමු මාස තුන තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු සහ කාසිවලින් රුපියල් බිලියන 828.7ක් කිසිදු බැංකුවක තැන්පත් නොකර මහජනතාව අත පවත්නා බව ”ලංකා පේ” ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා මහතා කියයි.

ජනවාරි සිට මාර්තු දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සංසරණයට එක්කර ඇති නෝට්ටු සහ කාසි ප්‍රමාණය රුපියල් බිලියන 1,110.1 කි. 

ඉන් බිලියන 281.4ක් බැංකු සතුව පවතින අතර ඉතිරි රුපියල් බිලියන 828.7ක මුදල් ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් නොසලසමින් ජනතාව සතුව පවතින බව මහ බැංකුවේ නවතම මුදල් සංසරණ වාර්තාව උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කළේය.

ඇතැම් පිරිස් ආදායම් බදුවලින් ගැලවීම සඳහාත්, තමන්ගේ පහසුව සඳහා මෙන්ම වෙනත් හේතූන් මතද තම මුදල් බැංකුවල තැන්පත් නොකරන හෙයින් එම මුදල් සඳහා ඔවුනට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොලැබෙන අතර බැංකුවලට මහජනතාවට ණය ලබා දීම සඳහා මුදල් හිඟවන බවද ඒ මහතා සඳහන් කළේය.

මුදල් මුද්‍රණය, බෙදාහැරීම, ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු සංවිධානය කිරීම, පැරණි නෝට්ටු විනාශ කර නව නෝට්ටු මුද්‍රණය වැනි කටයුතු හෙවත් මුදල් පරිහරණ කාර්යය සඳහා වැය වන පිරිවැය ප්‍රමාණය මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5% ක් පමණ වේ. 

මෙලෙස වැඩි වශයෙන් පරිහරණය නොකර රඳවා තබාගෙන ඇත්තේ රුපියල් 5000 නෝට්ටු බවට අනාවරණ වී ඇතැයි ද චන්න ද සිල්වා මහතා සඳහන් කළේය.

මූලාශ්‍රය – දේශය 

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved