Connect with us

පුවත්

මහ බැංකුව පිරමීඩ තහනම් කළාට CIDයේ නඩු දැමිල්ල ඉබි ගමනේ!

Published

on

නීති විරෝධී පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 22 ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්කර ඇතත්, එම එකදු ආයතනයකට විරුද්ධව නඩු පවරා නැතැයි වාර්තා වේ.

පිරමීඩාකාර යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (08) පැවැති වැඩමුළුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම නීති විරෝධී පිරමීඩාකාර ක්‍රම පවත්වාගෙන ගිය ආයතන සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ගොනු භාරදී ඇත.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ ඒකකය විසින් සිදු කර ඇත.

කෙසේනමුත්, මෙම විමර්ශන සම්පූර්ණයෙන් අවසන්වීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පැවරීමට නියමිත වූවත්, මෙතෙක් ඊට අදාළව එකදු නඩුවක්වත් පවරා නැතැයි අනාවරණය වේ.

මෙම පිරමීඩාකාර ආයතන සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද මහ බැංකුව කියයි.

මේ වසර අවසානයේදී හෝ ලබන වසර (2026) මුලදී මෙම නීති විරෝධී පිරමීඩ ක්‍රම පවත්වන ආයතනවලට විරුද්ධව නඩුවක් හෝ දෙකක් ගොනු කෙරෙනු ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂාවෙන් පසුවෙයි.

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල ඉහළට

Published

on

By

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
 
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100.00 ක් ලෙසය.
 
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200.00කි

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved