Connect with us

පුවත්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ අධිකරණ නියෝගයක්

Published

on

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩු සිදු කළේ යැයි කියනු ලබන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. 

2015 පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිසිය විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන ගිණුම් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ අතර එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් නියම කළාය.

මෙම  අපරාධය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.

පුවත්

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නවතී

Published

on

By

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වා දුනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා,

“විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී. විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව.”

(අරුණ)

Continue Reading

පුවත්

අභිලාෂ සහිත ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන ‘නීස් මුලපිරිමට’ ලංකාව එක්වෙයි

Published

on

By

ප්‍රංශයේ නීස්හි පැවැති තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සමගාමීව සංවිධානය කර තිබු උත්සවයකදී දියත් කරන ලද අභිලාෂ සහිත සහ ඵලදායී ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් අරමුණු කරගත් ඉහළ මට්ටමේ ඉල්ලීමක් වන “නීස් මුලපිරිමට” ශ්‍රී ලංකාව නිල වශයෙන් සම්බන්ධ වී ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ගෝලීය ප්ලාස්ටික් ගිවිසුම පිළිබඳ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ සැසියට පෙර ප්‍රංශය විසින් සත්කාරකත්වය දරන ලද මෙම උත්සවයට, ජාත්‍යන්තර නායකයින් සහ විශේෂඥයින් සහභාගී වුහ.
ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය අවම කිරීම, හානිකර රසායනික ද්‍රව්‍ය තුරන් කිරීම, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ දුෂකයා විසින් වන්දි ගෙවිය යුතුය යන මුලධර්මය හරහා ලබා ගන්නා මූල්‍ය සහාය ඇතුළුව ක්‍රියාත්මක කිරීමේ ඵලදායී ක්‍රම සහතික කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ප්ලාස්ටික් නිෂ්පාදනයේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරන ශක්තිමත් ජාත්‍යන්තර ගිවිසුමකට සහාය දෙන ලෙස “නීස් මුලපිරිම” රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම මුලපිරීම අනුමත කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය, පාරිසරික තිරසාරභාවය සඳහා රටේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන අතර ගෝලීය නිෂ්පාදන පාලනයන්, වැඩිදියුණු කළ නිෂ්පාදන සැලසුම් ප්‍රමිතීන් සහ ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් ලෙස දීර්ඝ කළ නිෂ්පාදක වගකීම ප්‍රවර්ධනය කිරීම ඇතුළු එහි ප්‍රමුඛතා සමඟ සමීපව පෙළ ගැස්විය හැක.

මෙම අනුමැතියත් සමඟ, ගෝලීය ප්ලාස්ටික් අර්බුදයට මුහුණ දීම සඳහා කාලයත් සමඟ පරිණාමය වන නීත්‍යානුකූලව බැඳී ඇති, විද්‍යාව පදනම් කරගත් සහ අභිලාෂ සහිත ගිවිසුමක් ඇති කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින රටවල් එක්වී පිහිටුවන සන්ධානයකට ශ්‍රී ලංකාව එක්වෙයි.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කරයි

Published

on

By

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවය.

මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වේ.

එම ලැයිස්තුව පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved