Connect with us

පුවත්

මහ බැංකු ලොක්කෝ වාහන උස්සන්න ලීසිං-සීසර්ලා හා ඩීල් දාලා!

Published

on

ලීසිං වාරික ගෙවාගැනීමට නොහැකිව අසරණ වූ පුද්ගලයින්ගේ රථ වාහන සීසර්වරුන් වෙත පවරාගැනීමට කිසිදු බලයක් නොමැති බව ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පෙන්වාදෙයි.

ඊයේ (24) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

කොළඹ ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේදී මෙම මාධ්‍ය හමුව පැවති අතර එයට පොලිස් ආරක්ෂාව ලබාගෙන තිබීම ද විශේෂත්වයකි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ප්‍රවාහන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා.

වාහන උස්සන සීසර්ලාට ජනතාව එරෙහි වෙන්න ඕන

“අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ කිසිදු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා නැති ආකාරයකට. විශේෂ පොලිස් ආරක්ෂාවක් අද අපි ලබාගෙන තිබෙනවා. මේ ලීසිං මාෆියාව කෙතරම් දරුණු තත්ත්වයකට පත්වෙලා ද කියන එකට හොඳම උදාහරණය තමයි අද අපිට මාධ්‍ය සාකඡාව පවත්වන්න වෙලා තියෙන්නේ පොලීසියේ ආරක්ෂාව යටතේ. අද මේ රටේ කිසිම වාහනයක් උස්සන්න සීසර්ලට අවස්ථාවක් නෑ. නීතිමය බලයක් නෑ. සියලුම ලීසිං වාරික ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ වාහනය කිසිදු ආකාරයකට සීසර්ලාට කුළී හේවායන්ට අත්පත් කරගැනීමේ බලයක් මේ චක්‍රලේඛනය තුළ නෑ. මේ චක්‍රලේඛනයෙන් ඒ බලය අහෝසි කරලා තියෙනවා. වාහන භාරදෙන්න හෝ වාහන උස්සන් යන්න කිසිම අවස්ථාවක ඉඩ ප්‍රස්ථාවක් ලබදෙන්න එපා. නමුත් මේ චක්‍රලේඛනයට පටහැනිව යමින් සමහර ලීසිං ආයතන වාහන අත්පත් කරගැනීම් කරනවා. අපි දිගින් දිගටම මේ ගැන පොලිස්පතිවරයාට දැනුවත් කළා. අපිට විශාල සැකයක් තියෙනවා මහබැංකුවේ ඉහළ නිලධාරීන් මේ ලීසිං කොම්පැනිත් එක්ක ඩීල් එකක් දාගෙන ද ? ඒ ඩීල් එකටද මේ නිද්‍රාශීලීව මේ දෙස බලාගෙන සිටින්නේ. මහපොළොවේ මේක යථාර්තයක් නෙවෙයි නම් මේ වගේ පුහු ලියවිලි අපිට වැඩක් නෑ. මේ වගේ පුහු ලියවිලිවලින් වෙන්න තව තවත් රටේ ජනතාව අසීරුවට පත්කරන එක සහ ජනතාව නොමග යැවීමක්, ඒ නිසා මේ වගේ පුහු ලියවිලි ඉදිරිපත් කරන්න එපා කියලා අපි මහ බැංකුවේ අධිපතිතුමාට දැනුම්දීමක් කරනවා.”

“ඇරියස් වෙච්ච වාහන හිමිකරුවන් දැන් මේ වෙනකොට ඒ රියදුරන් අයිතිකරුවන් වාහනය ධාවනය කරන්නේ තමන්ගේ රියදුරු ආසනය ගාව මොනයම් හෝ ආයුධයක් තියාගෙන, ඒ තමන්ගේ ආරක්ෂාවට තියාගෙන යන්නේ. බල්ලන්ට වගේ ගහලා පොලුවලින් ගහලා වාහන අත්පත් කරගන්නවානම්. ඒකට විරුද්ධව මේ වෙනකොට සියලුම ජනතාව නැගී සිටින්න ඕන.”

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved