පුවත්

මහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් ලයිස්තුවකගේ තොරතුරු පොලිසියට

Published

on

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

එය දිස්ත්‍රික් මට්ටමින් සිදුවන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටී.

මේ වනවිට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ඊට අදාළ ලිපි ගොනු පොලීසිය වෙත භාරදීමේ ක්‍රියාවලිය සිදුකරමින් සිටින බවද ඔහු පැවසීය.

ඒ අනුව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් අදාළ අපේක්ෂකයින්ට නඩු පැවරීමේ කටයුතු සිදු කරනු ඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version