Connect with us

පුවත්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

Published

on

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වේ.

පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන්හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක් ලෙස ඊයේ (07) සහ අද (08) අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

ඒ අනුව, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී තැපැල් ඡන්ද මෙතෙක් සලකුණු නොකළ ඡන්ද දායකයින්ට අද දිනය තුළ ද ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය , විදේශ ගමන් බලපත්‍රය භාවිත කළ අනන්‍යතාවය තහවුරු කිරීම මඟින් තැපැල් ඡන්දය මෙතෙක් භාවිතා නොකළ අයට අද දිනයේ ඡන්දය භාවිතා කළ හැකිය.

මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ද ඒ සඳහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

පුවත්

ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවය.

ඒ අනුව එළැඹෙන සඳුදා දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද එම මණ්ඩලය මහජනතාවට දැනුම් දී තිබේ.

ජල සැපයුම අතිහිටුවන ප්‍රදේශ – පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක්.

Continue Reading

පුවත්

RMV ලොක්කා ඇතුළු තිදෙනාට ඇප

Published

on

By

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අතුරුදන්වූ ව්‍යාපාරිකයාගේ සිරුර කසළ වළකින් සොයා ගනී

Published

on

By

දින කිහිපයක් තිස්සේ අතුරුදන්වී ඇතැයි වාර්තා වූ, මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබේ.

ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රීජිත් ජයෂන් නමැති 31 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට අතුරුදන් බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී ඊයේ (03) පස්වරුවේ වෙන්නප්පුව ප්‍රදේශයේම ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසක තිබී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය හමුවී තිබුණි.

පසුව මිතුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කසළ වළක තිබී අතුරුදන් ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ, ඉකුත් 30 වනදා රාත්‍රියේ ව්‍යාපාරිකයා, ඔහුගේ මිතුරන් 5 දෙනෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇතිවූ බහින්බස්වීමකදී ව්‍යාපාරිකයාට පිහියකින් ඇන ඝාතනය කර කසළවළට දමා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved