Connect with us

පුවත්

මහ වැසි නිසා වත්තේගම – අකුරණ යටවේ

Published

on

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ-09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

පුවත්

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමුවීම ඉහළට

Published

on

By

වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි  පුනරුත්ථාපන කාර්යංශය පවසයි.

එම කාර්යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන 3ක පුනරුත්ථාපනය කෙරෙන බවය.

පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන සංඛ්‍යාව 3කි.

එහි පුද්ගලයින් 1120ක් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව ඇත.

මේ වන විට එම මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 670ක් පුනරුත්ථාපනය සඳහා ඉඩ පහසුකම් පවතින බව, කාර්යාංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

16 වන රණවිරු සැමරුම අද පස්වරුවේ ජනපති ප්‍රධානත්වයෙන්

Published

on

By

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” අද පැවැත්වේ.

ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පස්වරු 4 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය ආරම්භ වීමට නියමිතය.

ඊට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

පොලීසිය සඳහන් කළේ, මාර්ග වසා දැමීමක් නොකරන බවය.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමා කිරීමට සිදුවන බව, පොලීසිය පවසයි.

ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට, පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර, පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකිය.

කොළඹට ඇතුළු වන වාහන වලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර, පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ධාවනය කළ හැකි ය.

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමති බවය.

මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු 2ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කරනු ලැබීය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved