Connect with us

පුවත්

මහ විරු සැමරුම් ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්

Published

on

එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති නමුත් උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොකරන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

ගල්ගමුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

උතුරේ ජනතාව ඇතැම් අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිත් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා තිබුණි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, උතුර , නැගෙනහිර, දකුණ, කඳුරට හෝ ඕනෑම අයෙකුට තමන්ගේ මියගිය දරුවන් ඇත්නම් ඔවුන් සිහිපත් කිරීමේ අයිතිය ඇති බවය.

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ, එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිතා කරමින් බෑ. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව කොටි සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය ස්ථාපිත කරන බව. අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගේ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝ විට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා. නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගේ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් සැමරුම් කරන්න. එහෙත් අපි කිසි විටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියකු සිහිපත් කිරීමට”.

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved