Connect with us

පුවත්

මාතර සියලුම රැඳවියන් අඟුණකොළපැලැස්සට (UPDATE)

Published

on

මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබේ.

මාතර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක් ඊයේ රාත්‍රී 8ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

ඇතිවූ තත්ත්වය සමග බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල බන්ධනාගාර නිලධාරීන්ට ගල් – මුල්වලින් පහරදීමට රැඳවියන් කටයුතු කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් අහසට වෙඩිතබා තිබුණි.

මෙම කලහකාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පැවසීය.

රාත්‍රී 8ට පමණ ඇතිවූ තත්ත්වය පාලනය කර තිබියදී නැවතත් මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ තිබු දේපොළවලට හානි කිරීමට පටන්ගෙන තිබූ අතර බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලීසිය කැඳවා තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරය තුළට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක්ද අහසට වෙඩිතැබීම් ද සිදුකර ඇත.

මෙම තත්ත්වය තුළ බන්ධනාගාරය තුළ සිටි කාන්තා රැඳවියන් 25 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඟුණ⁣කොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරිමට ද බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබේ.

අද අලුයම වනවිට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පුර්ණයෙන් පාලනය කොට තිබු අතර බන්ධනාගාරයේ ගබඩා කාමරය හා  ස්ථාන කිහිපයක් කඩා දමා ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග පවසයි.

මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම අමතර පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කැඳවීමටද, ගිනි නිවන හමුදාවේ භටයින් සීරුවෙන් තැබීමට ද පියවර ගෙන තිබුණි.

මෙම කලහකාරි තත්ත්වයෙන් කිසිඳු රැඳවියෙකුට තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඒ හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන් ඒ පිළිබඳව කලබල වියයුතු නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


(පෙර පුවත 2025 අප්‍රේල් 23 පෙ.ව.8.06 )

මාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ

මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.

කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් 500 දෙනෙකු පමණ  ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වෙයි. 

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved