Connect with us

පුවත්

මාතර බන්ධනාගාරයේ මියගිය රැඳවියන්ට වන්දි

Published

on

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, එහිදී මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.

තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කර සිටි සෙසු රැඳවියන්ද ප්‍රතිකාර ලබා බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි ඔහු  සඳහන් කළේ ය.

පසුගිය පළමුවැනිදා මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබීය.

මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ, සිද්ධයෙන් බන්ධනගාරයේ ගොඩනැගිලි දෙකකට හානිවූ බවය.

එක් ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර අනෙක් ගොඩනැගිල්ල ඉදිරියෙදී ප්‍රතිසංස්කරණය කරනු ඇතැයිද ඔහු පැවසුවේ ය.

මේ අතර, මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 55 දෙනෙකු, අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමටද පියවර ගෙන තිබේ.

සබැඳි පුවත්

පුවත්

අතුරුදහන් ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක්

Published

on

By

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන ලෙස ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

ධීවර කටයුතු සඳහා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්‍රාවක් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවර කාර්මිකයින් 5 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කරනු ලබන අතර එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරයි.

එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති අතර අනෙකුත් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධව නාවික හමුදාවට දැනුම්දීමෙන් අනතුරුව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනකු අතුරුදන්වී තිබුණි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නම් කුඩා ධීවර බෝට්ටුවේ ගමන්කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර බව වාර්තා වෙයි.

Continue Reading

පුවත්

පොඩි සහරාන් අත්අඩංගුවට

Published

on

By

බෝරා උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළදී ඒ අවට ප්‍රදේශය තුළ සැරිසරමින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ පොඩි සහරාන් නමැති අනුවර්ත නාමයකින් පෙනි සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් බම්බලපිටියේ දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණ පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැකපිට බෝරාපල්ලිය අසල දුම්රිය මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවත පදිංචි 27 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී ඇත.

Continue Reading

පුවත්

“විසුම්පාය” සංචාරක ව්‍යාපෘතියකට බදු දෙයි

Published

on

By

රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය ලෙස පාවිච්චි කරන ලද “විසුම්පාය” ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved