පුවත්

මාතර බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් උණ රෝගයෙන් මරුට

Published

on

උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මියගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා පැවසුවේ, ඊයේ (22) මෙම රැඳවියා මියගොස් ඇති බවයි.

මියගිය රැඳවියා මිනිමැරුම් චෝදනාවක් මත සැකපිට 2023.08.30 දින බන්ධනාගාරගත වූ අයෙකි.

මේ අතර, උණ රෝගය වැළඳුන තවත් සැකකරුවන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version