Connect with us

පුවත්

මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්

Published

on

ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කර  මූලික ප්‍රතිකාර සඳහා මාතර දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (10) දහයක සෞඛ්‍ය වෛද්‍ය සායනය  බැගින් පැවැත්වීමට මාතර රතුකුරුස  සමාජය කටයුතු යොදා ඇත.

ඒ අනුව එහි ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය සායනය පසුගියදා (07) වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකාපිටිය මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.

මෙහි දී ගංවතුර බලපෑමට ලක් වූ  ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කර ඔවුන්ට මූලික සායනික ප්‍රතිකාර, ඖෂධ ලබාදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය අදාළ රෝහල් වෙත යොමු කළ බව මාතර රතුකුරුස සමාජයේ සභාපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා පවසයි. 

පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සංවිධානය කරන මෙම සෞඛ්‍ය වෛද්‍ය සායන සඳහා ජාත්‍යන්තර රතුකුරුස ෆෙඩරේශනය මුල්‍ය සහාය ලබා දුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

ඒ අනුව මීළඟ සායනය ජනවාරි 13  දා තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ.ජනවාරි 14 දින මාතර,15 දින අතුරලිය,20 දින අකුරැස්ස,21 දින මාලිම්බඩ,26 දින දික්වැල්ල හා 27 දින දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි මෙම වෛද්‍ය සායන පැවැත් වේ.

මීට සමගාමීව මෙම ප්‍රදේශවල පසුගිය ගංවතුර හේතුවෙන් අවහිර වී ඇති ගඟ දෙපස සහ අතු ගංගා හා ඇලමාර්ග පිරිසුදු කොට පිළිසකර කිරීමේ ශ්‍රමදාන මාලාවක්  රතුකුරුස  සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්  පැවැත්වෙන බව ද විශේෂඥ වෛද්‍ය කිත්සිරි  මල්ලිකාරච්චි මහතා පවසයි.

මේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් වෙන්කර ඇතැයි ජගත් අබේසිංහ මහතා පවසයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved