පුවත්

මාතලේ ප්‍රසිද්ධ පාසැලක සිසුවියන් 40ක් රෝහල්ගත කරයි

Published

on

මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15) පෙරවරුවේ හදිසියේම රෝහල් ගත කර තිබේ.

එම සිසුවියන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගත කළ සිසුවියන්ගෙන් පිරිසක් ඊයේ (14) වෙන්නපුව ප්‍රදේශයේ වොලිබෝල් තරගාවලියක් සදහා සහභාගි වී ඇතැයි ද වාර්තා වේ.

එම සිසුවියන්ට උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Trending

Exit mobile version