මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ අනුව ඔවුන්ට නිදහසේ තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවය.
සතියකට වතාවක් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක් පැවැත්වෙන බවත්, එහිදී කැබිනට් මණ්ඩලය ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කලේය.
අමාත්‍යංශ මට්ටමින් ඇති ගැටලු සඳහා අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු දීමේ හැකියාව පවතින අතර, එය ඔවුන්ගේ වගකීමක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවේය.