Connect with us

පුවත්

මාධ්‍යවේදියාගේ මව ගෙල කපා මැරුවයි ඔහුගේම සොයුරිය අත්අඩංගුවට 

Published

on

ගුවන් විදුලි නිවේදකයෙක් මෙන්ම  මාධ්‍යවේදියෙකුද වන ජනක සුනෙත් මහතා ගේ මව වූ  විනීතා ජයසුන්දාර මහත්මිය  කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ නිවස තුළ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඔහුගේ සොයුරිය අත් අඩංගුවට ගෙන ඇත.

පසුගිය 13 වැනිදා උදේ මෙම ඝාතනය සිදුවී තිබිණි.  

තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කර තිබූ 71 හැවිරිදි විනීතා ජයසුන්දර  මවගේ සිරුර නිවස තුළ තිබී සොයා ගෙන තිබුණේ ඒදින පස්වරුවේය.

මෙම මාතාව සිය අවිවාහක බාල දියණිය සමග කහවත්ත නිවසේ පදිංචිව සිටි ඇති අතර දියණිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරමින් සිටි තරුණියකි.

13 දා සවස දියණිය  රැකියාව නිම කර සවස 3.50ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ දී ඇයගේ මව මුළුතැන්ගෙය තුළ රුධිරය ගලන තුවාල සහිතව මියාගොස් සිටිනු දැක අසල්වාසීන්ට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය දැනුම්වත් වී තිබිණි.

කහවත්ත පොලිසියේ නිලධාරීන් මෙන්ම අපරාධ පරික්ෂණාගාර නිලධාරීන් ද අදාල ඝාතනය ගැන විමර්ශන ආරම්භ කළේය.

නිවසේ සාලයේ තිබුනු රුධිර පැල්ලම් සොදා හැර තිබීම, මෙම මාතාව ගේ රන් ආභරණ කිසිවක් ගලවාගෙන ගොස් නොතිබීම, සාලයේ දී ගෙල කපා ඝානය කළ මෙම මාතාව, කුස්සිය දෙසට ඇදගෙන ගොස් තිබීම, විමර්ශකයන්ගේ අධීක්ෂණයට ලක් විය.

වෙනදා උදෑසන රැකියාවට පිටත් වී දියණිය එදින රැකියාව සඳහා ගොස් ඇත්තේ උදෑසන 10.30 ට පමණ වීමත්, මේ මව සහ දියණිය අතර නිරන්තර ආරවුල් ඇති වන බවට අසල්වාසීන් විසින් සාක්ෂි දී තිබීමත් හේතුවෙන් මුල සිටම මෙම ඝාතනය සම්බන්ධව දියණිය පිළිබඳ සැකයක් පොලිසියට ඇති වී තිබී ඇත.

සිදුකෙරුණ විමර්ශන මාලාවකින් අනතුරුව ඝාතනය සම්බන්ධව සැක පිට මෙම 38 හැවිරිදි දියණිය අද (16) අළුයම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved