මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මින් ඉදිරියට එවන් වැරදි සිදු නොවීමට දැඩි තීරණයක් ගෙන තිබෙන බවය.
ජනමාධ්‍ය හැඳුනුම්පත ලබා දීමට පෙර නියාමනයක් සිදු කර නිකුත් කිරීම් කරන ලෙසට එම නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූණ අධ්‍යයන පාඨමාලාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.