Connect with us

පුවත්

සේවා දායකයෙක් නැති නඩුවක්

Published

on

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලදී.

එහිදී, තරිඳු ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ පවසා සිටියේ, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව  නියෝගයක් ඉල්ලා සිටි නීතිඥවරයා (සංජීව ගමගේ), සේවාදායකයකුගේ උපදෙස් නොමැතිව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යැයි කියමින් පෙනී සිටීම බරපතල තත්ත්වයක් බවය.

මෙම නඩුව මෝසමක් මගින් කැඳවූ නීතිඥ සජීව ගමගේ මහතා පසුගිය නඩු දිනයේ අධිකරණයට දැනුම් දුන්නේ තමා පෙනී සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥ මෝදිත මහතා වෙනුවෙන් බවය.

අද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේය තමා වෙනුවෙන් පෙනීසිට කරුණු දැක්වීමට කිසිවෙකුට තමා උපදෙස් දී නැති බවට නීතිඥ මෝදිත ඒකනායක මහතා මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී ඇති බවය.

නීතිඥ මෝදිත මහතා තම නිවසට පැමිණ කෝපි පානය කළ බවත්, මෛත්‍රීපාල සිරිසේන මෙන් ඔහු වෙනස් වී ඇති බවත්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ පාර්ශ්වයෙන් නීතිඥ මෝදිත මහතාව මුදලට ගෙන ඇති බවත් නීතිඥ සජීව ගමගේ මහතා අද අධිකරණය හමුවේ පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේ නීතිඥ සජීව මහතා අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය හෑල්ලුකරමින් වගකීම් විරහිතව කටයුතු කරන බවය.

එහිදී  ඊට ප්‍රතිචාර දක්වමින් මෙම නඩුවේ සැකකරුවකු නම් කර නොමැති හෙයින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාට පෙනී සිටීමට හැකියාවක් නොමැති බව නීතිඥ සජීව ගමගේ මහතා සඳහන් කලේය.

එම අවස්ථාවේදී නීතිඥ වේරගොඩ මහතා පෙන්වා දුන්නේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව මෙම නඩුවේ නියෝග ඉල්ලා ඇති හෙයින් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවය.

මෙම නඩුවට අදාළ ගොනුව ඊයේ (26) නීතිපති දෙපර්තමේන්තුවට යොමු කළ බවත්, ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

ඒ අනුව නඩුව වැඩිදුර කැඳවීම සඳහා අප්‍රේල් 30 දින තෙක් කල් තැබුණි.

මෙහිදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ වැලිකුඹුර, ඩිලාන් නාලක, මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියේය.  

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් බව කියමින් නීතිඥ සජීව ගමගේ මහතා පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පෙනී සිට තිබුණි.


(පෙර පුවත; 2024 නොවැම්බර් 27; පෙ .ව. 11:39)

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව CIDය ගොනු කළ නඩුව අද

පාස්කු ප්‍රහාරයට අදාල තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත්ත මහතා  වෙනුවෙන් (අගතියට පත් පාර්ශ්වය ලෙස) අධිකරණයේ පෙනී සිටි නීතීඥ සංජය ගමගේ පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ කරුණු දක්වීමට  අවසර  ඉල්ලා සිටියේය.

එදින අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මැතිවරණ රාජකාරි සඳහා ගොස් තිබූ අතර එම නඩුවේ මුල් ලේඛනය  සේප්පුවේ  රඳවා තබා තිබුණි.

අනතුරුව, එහි යතුර රෙජිස්ටාර්වරයාගේ භාරයේ  බැවින් නඩුව අද (27) දක්වා කල් තැබුණි.

ඒ අනුව මෙම නඩුව අද කැඳවීමට නියමිතය.

පසුගිය නඩු දිනයේදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතීඥ තිෂ්‍ය වේරගොඩ ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියහ.

මින් පෙර පාස්කු ප්‍රහාරයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කළ පැමිණිල්ලකට අදාළ විමර්ශනයට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන දිගින් දිගටම බාධා කරන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඊට අදාළ ප්‍රගතිය වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමරුම් විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දී තිබුණි.

ඒ අනුව විමර්ශනයේ  ප්‍රගතිය  අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කලේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා මීඩියා එල් කේ යූටියුබ් නාලිකාව හරහා විමර්ශනයට දිගින් දිගටම බලපෑම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබුණි.

ජනමාධ්‍යවේදියාගේ වාර්තාකිරීම් නිසා විමර්ශනයට දැඩි හානියක් හා විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කර ඊට අදාළව ගන්නා  ක්‍රියාමාර්ග ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුම් දුන්නේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත්ත මහතා වෙනුවෙන් (අගතියට පත් පාර්ශ්වය ලෙස) අධිකරණයේ පෙනී සිටි නීතීඥ සංජය ගමගේද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වීමට  අවසර  ඉල්ලා සිටියේය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වන තරිඳු ජයවර්ධන මහතා 2019 අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහරය ගැන එම වසරේ සිටම දිගින් දිගටම කරුණු අනාවරණය කලේය.

පුවත්

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

Published

on

By

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading

පුවත්

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ඒකකය විසින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු මෙලෙස අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසා සිටියේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නම් රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව උන් වහන්සේ පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිලිබදව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණි.

ඒ එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවු අවස්ථාවේය.

එහිදී වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා පැවසුවේ, බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් සියලු වැයබර දැරීමට සිදුව ඇත්තේ සිසුන්ට බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්  

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved