Connect with us

පුවත්

“මාධ්‍ය මර්දනයට ගෙන එන අලුත් කෙටුම්පත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නෑ”

Published

on

විකාශන නියාමන අධිකාරී කෙටුම්පත සහ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්ත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් තිදෙනෙකු සිය දැඩි අවධානය යොමුකර ප්‍රකාශයක් නිකුත් කර ති‌බේ.

ඔවුන් අවධාරණ කරන්නේ, මෙම කෙටුම්පත් දෙක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා නීතීන්ට අනුකූල නොවන බව හැඟීයන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ විශේෂ නියෝජිත අයිරීන් ඛාන්, සාමකාමීව රැස්වීම සහ කටයුතු කිරීමේ අයිතීන් ආරක්ෂා කිරීමේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වූල් සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය පිළිබඳ විශේෂ නියෝජිත ආනා බ්‍රයන් යන තිදෙනා මෙම ප්‍රකාශය නිකුත්කර ඇත.

එහි සඳහන් වන්නේ, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය විසින් ආරක්ෂා කරන පෞද්ගලිකත්වයට ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය හා සාමකාමීව රැස්වී කටයුතු කිරීමට ඇති අයිතිය යෝජිත කෙටුම්පත් දෙකෙන් උල්ලංඝණය වන බවයි.

විශේෂ නියෝජිතවරුන් පවසන්නේ, මෙම ජාත්‍යන්තර සම්මුති දෙකටම ශ්‍රී ලංකාව අත්සන් තැබූ පාර්ශ්වයක් බවයි.

යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කෙටුම්පතේ බොහෝ ප්‍රතිපාදන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙන් අපේක්ෂා කරන අරමුණු ඉටු නොකරන බව ඔවුන් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ගේ ප්‍රකාශයේ දැක්වෙන්නේ, යෝජිත කෙටුම්පත හරහා මාර්ගගත ක්‍රමයෙන් අදහස් දැක්වීමේ අයිතියට දැඩි සීමා පැනවෙන අතර බරපතළ ලෙස රජය විවේචනය කරන පාර්ශ්ව එනම් ජනමාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයින් සහ සිවිල් ක්‍රියාකාරීන්ට බාධක හා තර්ජන එල්ලකරන බවයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම පුද්ගලයන් හා ඩයස්පෝරාව ඉලක්ක කරගනිමින් මේ කෙටුම්පත සම්පාදනය කර ඇතැයි හැඟීයන බවත් විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සෘණාත්මක බලපෑමක් ඒ මගින් ඇතැවන බවත් එහි සඳහන් වේ.

විකාශන නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ නියෝජිතවරුන්ගේ මතයවී ඇත්තේ, යෝජිත ආකාරයෙන් කොමිසම පත්කිරීමේ ක්‍රියාවළිය ඉදිරියට ගෙනගියහොත් රටේ විධායකයට රජයට පක්ෂග්‍රාහී නොවන මාධ්‍ය ආයතනවලට දඬුවම් කිරීමට හෝ ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

මෙම අධීක්ෂණ ක්‍රියාදාමය ස්වාධීන සහ බලපෑමවලින් තොර ආයතනයක් විය යුතු අතර කිසිදු දේශපාලන බැඳීමක් නොතිබිය යුතු බව ඔවුන් සිය ප්‍රකාශයෙන් අවධාරණය කර සිටි.

මෙම කෙටුම්පත් දෙකම ඉවත් කර ගැනීමට හෝ මහජන අදහස් විමසා නිසි ලෙස සමාලෝචනය කිරීමට පියවර ගත යුතු බව ඔවුන්ගේ අදහසයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved