පුවත්

මානව හිමිකම් කොමිසමට ගිය නිලධාරීන්ට තර්ජනය කර බලෙන් අත්සන් අරන්?

Published

on

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාකච්ඡාවකට සහභාගී වූ නිලධාරීන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ලිපිලේඛන වලට අත්සන් කරගෙන ඇතැයි තමාට දැනගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

මෙසේ සිදුකර ඇත්තේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු බව ඔහු කියා සිටියි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ එම නිලධාරීන් මේ වන විටත් නීති උපදෙස් පතා ඇති බවත්, එහිදී සිදුවූ සම්පූර්ණ සිද්ධි දාමය ලිඛිතව භාරදී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කළ බවත්, ලිඛිතව ව්‍යවස්ථාදායක සභාවත් දැනුවත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මේ අතර, අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩය විදුලි සැපයුම ලබාදීම සම්බන්ධයනේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයටද ලිපියක් යොමු කර ඇත.

Trending

Exit mobile version