Connect with us

පුවත්

මාන්නප්පෙරුම එද්දී සංවිධායක, යද්දී සාමාජික; ගොඩහේවාට ඇඩ්‍රස් නෑ; අර්ජුන ලොවෙත් නෑ

Published

on

නාමයෝජනාවල අපිළිවළ තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පක්ෂයේ අභභන්තර ගැටුම් රාශියක් මේවන විට ඇතිවී ඇතැයි වාර්තා වේ.

මේ අතරින්, සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනාවට අත්සන් තැබූ අජිත් මානන්නප්පෙරුම මහතාට එක රැයකින් අදාළ තනතුර අහිමිවීමත් සමඟ ඔහු ඡන්දය ඉල්ලීමෙන් වැලැකී සිටීමට යන බවට ද රාවයක් පැතිර තිබේ.

ඔහුගේ සංවිධායක ධූරය ලබාදී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය හා පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට එක්වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය කණ්ඩායමේ සිට වරුණ රාජපක්ෂ මහතාටය.

මේ අතර, පසුගිය කාලයේදී විශාල ආන්දෝලනයක් ඇති කරමින් සජබට එක්වූ නාලක ගොඩහේවා මහතාට සජබයෙන් නාමයෝජනා ලබාදීම ද ප්‍රතික්ශේප කර ඇතැයි වාර්තා වේ.

එසේම, පසුගිය කාලයේ සජබ කැලණිය සංවිධායක ධූරය සඳහා තරගයක යෙදුන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නම ගම්පහ සජබ ලයිස්තුවට නොදමන්නැයි ඔහු ඉල්ලා ඇති බවද පැවසේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසුව අර්ජුන මහතා සිට දුරකථනය විසන්ධිකර තිබීම නිසා ජනපතිවරණයෙන් පසුව දින තුනක් පමණ යන තෙක් ඔහුව පක්ෂ ප්‍රධානීන්ට හෝ කැලණියේ ආධාරකරුවන්ට සම්බන්ධ කර ගැනීමට බැරි වූ බවද පැවසේ.

මේ අතර,  සජබ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලයිස්තුවට මොහොමඩ් ෆයිස් නැමැත්තෙකු ඇතුළත් කිරීම නිසා එම පක්ෂය අභ්‍යන්තරයේ බරපතල ගැටීමක් නිර්මාණය වී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර,සජබය විසින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට ආරක්ෂක අංශ සාමාජිකයකුට අවස්ථාව ලබා නොදීම එම ප්‍රදේශයේ සිටින සජබට සහය දක්වන ආරක්ෂක අංශ සාමාජිකයන් 12000ක් පමණ නොසලකාහරීමක් බව මේජර් ජගත් කුමාර මහතා ප්‍රසිද්ධියේ පවසා තිබේ.

කැලණිය සංවිධායක ධූරයට ටෙන්සන් ජෝර්ජ්ට ලබාදීමට විරෝධය දක්වමින් සජබ ආධාරකරුවන් දෙපිරිසකට බෙදී ඇති බවද මේ අතර වාර්තා වේ.

ටෙනිසන් කැලණිය සංවිධායක ධූරයට පත් කළ හොත් සජබ ආධාරකරුවන් පිරිසක් එම පක්ෂයට සහය දැක්වීමට නොපැමිණෙන බව මේවන විට ලිඛිතව දන්වා ඇති බවද වාර්තා වේ.

මේ නාමයෝජනා ගැටලුවලට ජසබ නිල නොවන නායකයා ලෙස කටයුතු කරනු ලබන ලක්ෂමන් ෆොන්සේකා මහතාගේ මැදිහත්වීම් හේතුවී ඇති බවටද එහි සාමාජිකයන්ගෙන් දෝෂාරෝපන එල්ලවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved