පුවත්

මාර්ග දෙපස අවදානම් ගස් ඉවත් කරන්න නියෝග

Published

on

කඩා වැටීමේ අවදානමක් ඇති ගස් මාර්ග දෙපසින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳ පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ හා අදාළ පළාත් පාලන ආයතනයන් හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කර, අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

මෙය අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් මෙසේ පවසා ඇත.

සබැඳි පුවත් :

කොල්ලුපිටියේදී බසයකට ගසක් වැටී 05ක් මරුට, 17ක් රෝහලේ

Trending

Exit mobile version