අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන නොලැබුණහොත්, ඉදිරි කටයුතු සඳහා මුදල් සංචියක් පවත්වාගෙන යාමට සිදුවන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, රට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බැවින් වියදම් කළමනාකරණය කළ යුතු බවයි.
වසරක් සඳහා වියදම් ආවරණය වන ආකාරයෙන් අය වැය සකස් කර තිබීම හේතුවෙන්, තාවකාලික පදනමින් මුදල් නිකුත් කළ නොහැකි බව ද, ජනාධිපතිවරයා පවසයි.