මෙතෙක් හඳුනානොගත් මාරාන්තික ශ්වසන රෝගයක් බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි.
මාස 8ට අඩු බලු පැටවුන් මෙයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින අතර මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.
හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම, වමනය හා පාචනය, විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි වීම) කෑම අරුචිය, කම්මැලි බව මෙහි රෝග ලක්ෂණ වන අතර දෙමුහුන් පැටවුන් අතර මෙය ශීඝ්‍ර ලෙස පැතිර යන බවද සොයා ගෙන තිබේ.
මේ වන විට මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්ක තුළ මෙය බහුල ලෙස පැතිර ගොස් ඇති අතර ගම්පොල, නාවලපිටිය, ගිනිගත්හේන හා හැටන් ප්‍රදේශවල සිටින බලු පැටව් අතරින් 80%ක ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරුව ඇති බව වාර්තා වේ.
මෙම රෝගය වළක්වා ගැනීම සඳහා කුඩා පැටවුන් හට යෝගට් ඇතුළු ශීත ආහාර මෙන්ම එළකිරි දීමෙන් වළකින ලෙසත් පැටවා මාස හතර පහක් යනතුරු නෑවීමෙන් වළකින ලෙසත් වෛද්‍ය සාගරතිලක මහතා ඉල්ලා සිටියි.
එමෙන්ම මාස 8ට අඩු බලු පැටවුන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැක බලා ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටී.