පුවත්

මාලදිවයින් විදේශ කටයුතු ඇමති ලංකාවේ සංචාරයක

Published

on

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා 2024 ජූනි 03 සිට 06 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන  බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදැකීමට නියමිතය.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

විදේශ අමාත්‍ය සමීර් මහතා සමඟ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක්වීමට නියමිතය.

Trending

Exit mobile version