පුවත්

මාලදිවයිනේ කෘෂිකර්මය නගන්න ලංකාවෙන් සහයෝගය ඉල්ලයි

Published

on

මෙරට නිල සංචාරයක නිරතව සිටින මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් මහතා විසින් ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අවස්ථාවේදී එතුමා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල, මාලදිවයින් රජයේ පැසසුමට ලක් වී ඇතැයි පවසන මාලදිවයින් අමාත්‍යවරයා, ඒ අතුරින් දැනට ශ්‍රී ලංකාවේ හරිත කුටි වල සිදු කෙරෙන වගා සම්බන්ධව වැඩි අවධානය යොමු කරමින් එම තාක්ෂණය මාලදිවයිනටත් ලබා දෙන ලෙසත්, එරට පිරිසක් ඒ සඳහා පුහුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත..

Trending

Exit mobile version